රටට දෙස් විදෙස් කීර්_තියක් ගෙන ඒම සඳහා ක්‍රීඩාව අවස්ථාව සපයන අතරම ශරීර සහ මානසික සුවතාව වෙනුවෙන් ද ක්‍රීඩාවෙන් මහත් පිටුවහලක් ලැබෙන බව දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ 47 වන ජාතික මහා ක්‍රීඩා උළෙල සඳහා සබරගමු පළාත් කායවර්ධන ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා අද (10) පෙරවරුවේ කෑගල්ල නගර ශාලාවේ පැවති වැඩසටහනට සහභාගි වෙමිනි.
එමෙන්ම මෙම තෝරා ගැනීමේ තරග සඳහා සහභාගි වූ ක්‍රීඩකයන් වෙත ත්‍යාග පිරිනැමීම සඳහා MRW fitness ආයතනය අනුග්‍රහය ලබා දී තිබිණි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය මාස කිහිපය තුළ ජාතික මහා ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා අනෙකුත් දිස්ත්‍රික් හා කොට්ඨාස මට්ටමේ තරඟ රැසක් පැවැත් විණි.
මේ අවස්ථාව සඳහා සරබගමු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂිකා චතුරංගිකා ප්‍රේමරත්න යන මහත්මිය ඇතුළු පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීන්, ක්‍රීඩා විනිසුරුවන් ඇතුළු කායවර්ධන ක්‍රීඩකයන් රැසක් සහභාගී වූහ.
























