ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය, යුනිලීවර් සමාගම හා සිංගර් ශ්‍රි ලංකා ෆැෂන් ඇකඩමිය එක්ව කෝවිඩ් වසංගත තත්ත්වයෙන් හා විවිධ හේතූන් මත බිඳවැටුණුු ඇඟලුම් ක්ෂේත්රයේ නියුතු ව්‍යවසායිකාවන් නගා සිටුවීමේ අරමුණින් "සන්ලයිට් මනුදම් වියමන" නමින් දීප ව්‍යාප්ත වැඩමුළුක් පසුගිය වකවානුව තුල ක්‍රියාත්මක කෙරිණි. ඉන් ජයග්‍රහණය කළ කෑගලු දිස්ත්‍රික් ව්‍යවසායකයින් සඳහා ඔවුනට හිමි මුදල් ත්‍යාග ලබා දීම කෑගල්ල දිසාපති / දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සුරතින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) දින සිදු කෙරිණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යවසායිකාවන් දෙදෙනෙකු වන පි.චම්පිකා ප්‍රනාන්දු මහත්මිය සහ ඩබ්.ඒ.දිලිනි අවිශ්කා පෙරේරා මහත්මිය සදහා රුපියල් විසිදහස බැගින් මූල්‍ය ප්‍රධානයක් මෙහිදී සිදු විය.
මෙයට සමගාමීව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 6 කදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද ජයග්රාහි ව්‍යවසායිකාවන් වෙත චෙක්පත් ප්රදානය සිදු කෙරේ.
ජයග්‍රහකයින් තෝරා ගැනීම සඳහා පැවැත්වූ වැඩමුළු සඳහා දිවයිනම ආවරණය වන පරිදි ඇඟළුම් ක්ෂේත්රයේ නියතු 13000 කට ආසන්න ව්‍යවසායිකාවන් පිරිසක් ලියාපදිංචි වු අතර ඉන් තෝරාගත් ව්‍යවසායිකාවන් 1000 ට අධික පිරිසක් සඳහා ඇඟළුම් ක්ෂේත්රය හා සම්බන්ධ උසස් තාක්ෂණික දැනුම ලබා දෙන වැඩමුළු ගණනාවක් මාර්ගගත (Zoom) ක්‍රමය ඔස්සේ පවත්වා ඇත.
එම වැඩමුළුව අවසානයේ පවත්වන ලද පරීක්ෂණයෙන් ව්‍යවසායිකාවන් 250 දෙනෙකු තෝරා ගෙන ඇති අතර ඉන් 9 දෙනෙකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තේරි පත්විය.
මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ට්‍රින්සි මනෝජා ,ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු නිලධාරී රශිනි අමරසේකර යන මහත්මීන් එක්ව සිටියහ.



















