නිසි ප්‍රතිකාර නිසි කල ලබා ගැනීමෙන් ලාදුරු රෝගය සම්පුර්_ණයෙන්ම සුවකර ගත හැකි වන බව ලාදුරු මර්ධන එකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රසික විරසිංහ මහතා සඳහන් කලේය. . ඒ මහතා මෙසේ සඳහන් කළේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ නිලධාරීන් සදහා අද (14) දින පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනකට සහභාගී වෙමිනි.


තව දුරටත් රසික වීරසිංහ මහතා සඳහන් කලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වසර 12 ක් තුළ රෝගීන් 395 දෙනෙකු වාර්තාවී තිබුණු බවත් ලාදුරු රෝගීන් අඩු විමක් නොව වාර්_තාවීමේ අඩු විමක් දැකගත හැකි බවයි. ලාදුරු රෝග ලක්ෂණ දැකිය හැකි පළමු අවස්ථාවේදිම ලගම පිහිටි රෝහලේ වර්ම රෝග සායනය වෙත ගොස් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන ලෙස ඒ් මහතා ඉල්ලීමක් කලේය.


කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්_යාලය මගින් දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් . වීරසූරිය මහතා‌ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව දිස්ත්‍රික් සැළසුම් අංශය මගින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.


ජල භීතිකා රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද යන්න පිළිබඳව ජල භීතිකා රෝග මර්_ධන එකකයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පි. සී. ගාල්ලගේ මහතා විසින් දැනුවත් කිරිම සිදු කෙරිණි.


කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය සඳහන් කලේ ක්ෂේත්‍ර නිලධාරින් ක්ෂේත්‍ර කටයුතු වලදී මෙම රෝග වලින් ආරක්ෂා වීම සදහා ප්‍රජාව දැනුවත් කිරිමට අවශ්‍ය වැඩ සටහන් සකස් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කල යුතු බවයි.


මෙම අවස්ථාවට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.