ස්වදේශ කටයුතු හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කාර්_යාල කළමනාකරණ ප්‍රාදේශීය ලේකම් කාර්_යාල මට්ටම් තරඟවලින් ග්‍රාම නිලධාරී කාර්_යාල විසි හතක් අතරින් 1,2,3 ස්ථාන සඳහා කුසලාන සහ සහතික පත්‍ර සහ 4 ,5, 6, 7, 8 ,9,10 ස්ථාන දක්වා කුසලතා සහතික පිරිනැමීම කෑගල්ල දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් 2022. 09 .14 දින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්_යාලය ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණි.
එම අවස්ථාවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්යක්ෂ අනුෂ්ක චමිල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .





















