කාර්_යාල නිලධාරීන්ගේ රාජකාරී කටයුතු පහසු කිරීම හා කාර්_යක්ෂමතාවය වර්_ධනය කිරීමේ අරමුණින් කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි සංවිධානය කළ ‘ කාර්_යාල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය හා පරිගණක භාවිතය ‘ පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් අද (15) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්_යාලයේ නිලධාරීන් 25 ක් සඳහා දිස්ත්‍රික් පුහුණු ඒකකය විසින් සංවිධානය කරන මෙම පුහුණු වැඩමුළුවේ මෙහයවීම් කටයුතු සිදු කරනු ලබන්නේ දිස්ත්‍රික් තොරතුරු තාක්ෂණ ඒකකය විසිනි.
මෙම එක්දින පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණී මහත්මිය සහභාගී විය.




















