කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ සංකල්පයකට අනුව රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස නීත්‍යානුකූලව මෙරට සිටිමින් විදේශ විනිමය උපයන ක්රමයන් පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (22) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලද්දේ ICBT සරසවියේ කථිකාචාර්ය යොහාන් දසනායක මහතා විසිනි .
එම අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී , දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ . ඒ.වීරකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ .





















