"සිනහ දකින- අපේ ලොවක්" ලෝක ළමා දින කෑගලු දිස්ත්‍රික් සැමරුම ඔක්තෝම්බර් 01 දින කෑගලු සංස්කෘතික පුහුණු මධ්‍යස්ථායේ දි දරුවන් රැසකගේ සහභාගීත්වයන් පැවැත්විණි.


වරකාපොල, කෑගල්ල, රඹුක්කන, මාවනැල්ල කොට්ඨාසවල ළමා සමාජ දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සැමරුම පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව , කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්_යාලය හා කෑගල්ල සංස්කෘතික පුහුණු මධ්‍යස්ථානය ඒකාබද්ධව ක්‍රියාවට නැංවිණි.


එම අවස්ථාවට එක් වූ අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය කියා සිටියේ යහපත් වැඩිහිටියෙකු ලෙස ජීවත් වීමට නම් සුන්දර ළමා කාලයක් තිබිය යුතු බවයි.අභියෝග රැසක් මැද ළමුන් වෙනුවෙන් මෙවන් සැමරුමක් සංවිධානය කිරීමත්, දැනුම මෙන්ම විනෝදය ලබා දීමත් අගය කරනා බව ඒ මහත්මිය එහි දී වැඩිදුරත් කියා සිටියා ය.


යෞවනත්වය, ලිංගික අධ්‍යාපනය හා පෞරෂත්ව සංවර්_ධනය තේමා කරගත් දැනුවත් කිරීමක් පැමිණි සිටි ළමුන් වෙනුවෙන් කෑගලු මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්_ධන ඒකකයේ වෛද්‍ය ඩී.කේ.ඩබ්ලිව්. ජේ ජයසිංහ මහත්මිය විසින් සිදු කරන ලදි.


පැමිණි සිටි ළමා සමාජ දැරුවන් විවිධ නර්_තනාංග , ගීත ගායනා, නාට්‍ය ඇතුලු විශේෂාංග රැසකින් මෙම අවස්ථාව වර්_ණවත් කළ අතර සෑම දරුවෙකු සඳහාම තිළිණයක් ලබා දීමට ද කටයුතු කර තිබුණි.


එම කෑගලු දිස්ත්‍රික් ළමා දින සැමරුම සාර්ථකව සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්_ධන නිලධාරිනී රූපා කීරගල මහත්මිය විසින් වන අතර මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලද්දේ කුරුවිට කරිටාස් ආයතනය, සණස සංවර්ධන බැංකුව හා DFCC බැංකුව විසිනි.


මෙම අවස්ථාවට සංස්කෘතික මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරිනී හේමමාලා හීන්කුමාරි මහත්මිය හා එම කාර්_ය මණ්ඩලය, ලමා හිමිකමි ප්‍රවර්_ධන නිලධාරී සරත් රාජකරුණා මහතා , ළමා සමාජ දරුවන් හා එම දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.