"වෙනස් වන ලොවක- සව්මත් වැඩිහිටියෙක් " තේමාවෙන් ජාත්‍යන්තර වැඩිහිටි දිනය මුල් කරගනිමින් රටට සහ වැඩිහිටි ප්‍රජාවට සෙත් පතා බෝධි පූජා පිංකමක් ඔක්තෝබර් 01 දිනට යෙදුනු ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමඟාමීව දිස්ත්‍රික් වැඩිහිටි දින සැමරුම ලෙසින් කෑගල්ල වෑවලදෙණිය විහාරස්ථානයේ දි පවත්වන ලදි.


තව ද මෙම වැඩසටහන තුල දී නිදන්ගත රෝග පිළිබඳ ආයුර්_වේද සායනක් වැඩිහිටියන් වෙනුවෙන් පැවැත් වූ අතර ඒ සඳහා දායකත්වය රංවල ආයුර්_වේද රෝහලේ ප්‍රජා ආයුර්_වේද වෛද්‍ය නිලධාරී ලක්මාලී කරුණරත්න හා මධූෂි වර්_ණසූරිය මහත්මීන් විසින් ලබා දෙන ලදී.


ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පැවැත් වූ මෙම වැඩසටහන ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්_යාලයේ ප්‍රතිපාදන මත දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්_ධන නිලධාරී ඩිලානි කුමාරි මහත්මිය විසින් සංවිධානය කර තිබුණි.ආගමික වතාවත් සඳහා එක් වූයේ වෑවලදෙණිය පිරිවෙන් විහාරවාසී පූජ්‍ය කඹරව ශාසනතිලක ස්වාමීන් වහන්සේ විසිනි.


එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය හා කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරීන් ,වැඩිහිටි බල මණ්ඩලවල සාමාජිකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.