රට තුළ උද්ගතව පවතින ආර්ථික අර්බුදයට තිරසාර විසඳුමක් වන අපනයන නිෂ්පාදන දිරිගැන්වීම හා ඊට පහසුකම් සැලසීම අරමුණු කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායකයින් පිරිසක් උදෙසා අපනයන ක්‍රියාවලිය හා අපනයන අවස්ථා හඳුන්වාදීමේ වැඩසටහන අද (13) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ මග පෙන්වීම හා පූර්ණ අධීක්ෂණය යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මන්ඩලයේ (මධ්‍යම පළාත්) කාර්යාලය විසින් ලබා දී තිබූ අතර ජාතික සංවර්ධන බැංකුව විසින් මූල්‍ය අනුග්‍රහය ලබා දෙන ලදී.
එම අවස්ථාවට එක්වෙමින් දිස්ත්‍රික් ලේකම්තුමන් ප්‍රකාශ කළේ දිස්ත්‍රික්කයේ සිටින රටට විදේශ විනිමය ගෙනෙන ව්‍යවසායකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම තම වගකීම වන බවත්, හැකි තරම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරමින් අපනයන දිරිගැන්වීම කාලීන අවශ්‍යතාවයක් වන බවත්ය. සුළු අපනයන භෝගවලින් පොහොසත් තම දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් දිරිගැන්වීම තුලින් සෘජුවම රටේ විදේශ විනිමය තරකර ගැනීමට හේතුවන බැවින් ඒ සඳහා අවධානය වඩාත් යොමු කිරීම වැදගත් බවත් දිසාපතිතුමාන් එහි දී වැඩිදුරටත් කියා සිටියේය.
මෙම වැඩමුළුවේදී අපනයන ක්‍රියාවලිය හා අපනයන අවස්ථා හඳුන්වාදීම ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මන්ඩලයේ සහකාර අධ්‍යක්ෂ තුෂාර ජයලත් මහතා විසින් සිදු කළ අතර ව්‍යවසායකයින් කිහිපදෙනෙකු විසින් තම ව්‍යාපාරික අත්දැකීම් සෙසු ව්‍යාවසායකයන් සමග බෙදා ගැනීමට අවස්ථාව ලබා දී තිබුණි .තම ව්‍යාපාරයන්ට වැදගත් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳවද දැනුවත් කිරීමට මෙහිදී කටයුතු කර තිබුණි . තමන්ට පවතින ගැටලු නිලධාරීන්ට ඉදිරිපත් කිරීමටත් ඊට අවශ්‍ය විසඳුම් ලබා ගැනීමටත් අවකාශ සලසා දී තිබූ අතර වැඩමුළුව අවසානයේ ව්‍යාපාරික සමුළුවක් ද පවත්වන ලදී.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් අපනයන සංවර්ධන නිළධාරිනී කෞෂල්‍යා මහත්මිය විසිනි.
එම අවස්ථාවට ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකරු තිලිණ හේවගේ ,දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂතුමන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අපනයන සංවර්ධන නිලධාරීන් ,විදාතා නිලධාරීන් , සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමය සභාපති දර්ශන ලියන සේකර මහතා ඇතුළු ව්‍යවසායකයින් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
































