යෝජිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභා විධිමත්ව ක්‍රියාවට නැඟීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග ජනගත කිරීමේ සංවාද මාලාවේ කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන අද (14) කෑගල්ල හේෂානී උත්සව ශාලාවේ දී පැවැත්විණි.
මෙහිදී මැතිවරණ නීතී ප්‍රතිශෝධනය සඳහා යෝජිත පාර්ගිමේන්තු තේරීම්කාරක සභා වාර්තාව ක්‍රියාවට නැඟීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුදත් වැඩපිළිවෙළ හා එහි ඉදිරි දැක්ම පිළිබද ප්‍රධාන දේශනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් සිදු කෙරිණි.
යෝජිත පාර්ලිමේන්තු තේරීම්කාරක සභා විධිමත්ව ක්‍රියාවට නැඟීම සඳහා නිර්මිත මැතිවරණ කොමිෂන් සභා ක්‍රියාමාර්ග පිළිබඳ වඩා සවිඥානික වීම අතිශය වැදගත් බව මෙහි දී අදහස් දැක්වූ කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා සඳහන් කළේය.
එමෙන්ම වත්මන් මැතිවරණ ක්‍රියාවලිය ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව සහ එහිලා සිවිල් සමාජයේ කාර්යභාරය පිළිබඳ ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා මෙහිදී අදහස් දැක්විය.
මෙම ජනතාව දැනුවත් කිරීමේ වැඩමුළුව අවසානයේ දී සහභාගික අදහස් ලබා ගැනීමේ විවෘත සංවාදයක් ද පැවැත් විණි.
මේ අවස්ථාව සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, අතිරේක මැතිවරණ කොමසාරිස් බී.පී.සී කුලරත්න , කෑගල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එස්.පී කස්තුරිසිංහ , අධ්යක්ෂ (සැළසුම් හා පාර්යේෂණ) චන්න පී ද සිල්වා, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත යන මහත්වරුන් සහ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඇතුළු වෘත්තිකයින්, විද්වතුන්, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සංවිධාන නියෝජිතයින්, පළාත් පාලන නියෝජිතයින් හා සිවිල් ප්‍රජා නියෝජිතයින් හා රාජළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
























