මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුඹලියද්ද ග්‍රාම නිලධාරි වසමට අයත් නිවසකට පස්කන්දක් කඩාවැටීමෙන් එම නිවස දැඩි හානියට පත් වී තිබේ.
ආපදාවට ලක් වෙන අවස්තාවේදී එම නිවසේ සාමාජිකයන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු මේ වන විට බේරා ගෙන රෝහල් ගත කර ඇත. අනෙක් දෙදෙනා සොයා ගැනීම සඳහා ආපදා සහන නිලධාරීන්, යුද හමුදා සහන කණ්ඩායම් මේ වන විටත් යුහුසුළුව කටයුතු කරමින් සිටී.
එම ආපදා තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා එක්වූ අතර වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා ඇතුළු ආපදා සහන නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්ව සහන කටයුතු සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටී.

























