දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමයට අනුබද්ධිත දිදුල පෙරපාසලේ ඉංග්‍රිසි දින සැමරුම් වැඩසටහන අද (19) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී දිදුල පෙරපාසලේ සිසු දරු දැරියන්ගේ විවිධ ප්‍රාසාංගික දක්ෂතා එළිදැක්වුණ අතර වැඩසටහන අවසානයේ දරු දැරියන්ට ත්‍යාග බෙදා දීමක්ද සිදු කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණී, දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ ආර්.ඩී.ජේ.යූ රාජපක්ෂ, දිස්ත්‍රික් ඉංජිනේරු සාරානාත් විමලචන්ද්‍ර, කුඩා ව්‍යාපාර සංවර්ධන සහකාර අධ්‍යක්ෂ ට්‍රින්සි මනෝජා, පරිපාලන නිලධාරී යාමිනී රත්නායක, මුල් ළමා විය සංවර්ධන නිලධාරී භද්‍රා අබේවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දිදුල පෙර පාසලේ කාර්යමණ්ඩලය, දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

































