පොල් වගාව ආශ්‍රිතව මේ දිනවල කෑගල්ල දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වන සුදු මැස්සා රෝගය පාලනය කිරීම සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සක්‍රීය මැදිහත්වීම මත පියවර ගෙන තිබේ. ඒ අනුව අදාළ රාජ්‍ය නිලධාරීන් සහ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් මේ දිනවල සිදු කෙරෙමින් පවතී.
ඒ සඳහා ලුණුවිල පොල් පරීක්ෂණ ආයතනය, කෑගල්ල පොල් වගා කිරීමේ මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව කටයුතු කරමින් සිටින අතර පසුගියදා මේ සම්බන්ධයෙන් රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ගම වලව්වත්ත සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ යට්ටෝගොඩ සියඹලාපිටිය යන ස්ථානයන් වල ක්ෂේත්‍ර වැඩසටහන් සිදු කෙරිණි.
සුදු මැස්සා පාලනය කිරීම සඳහා පොල් පරීක්ෂණ ආයතනයේ අනුග්‍රහය මත දියර ඉසීමේ යන්ත්‍ර 13 ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලබා දීමට නියමිතව ඇත.
ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කෙරේ.
මෙම අවස්ථාවන් සඳහා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් , ගලිගමුව ප්‍රාදේශීය සභා සභාපති සමන් ජයසිංහ, කෑගල්ල දිස්ත්‍රික් ලේකම/දිසාපති මහින්ද එස් වීරසූරිය, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක මංජුල පින්නලන්ද, ගලිගමුව ප්‍රදේශීය ලේකම් සුසන්ත හේරත් යන මහත්වරුන් ඇතුළු ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේ නිලධාරීන්, කෑගල්ල පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සහ පොල් වගාව සිදු කරන ගොවීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
























