ලංකාවේ ප්‍රථම මහ දිසාපතිතුමිය වූ රන්මැණිකේ ගුණතිලක මහත්මිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වත්මන් මහ දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා වෙතින් '' පවර දෙටුවර''ජ්‍යෙෂ්ඨ පුරවැසි සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබුවාය.


කෑගල්ල අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අස්මඩළ ගම්මානයේ උපත ලබා හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය හා අරණායක රිවිසඳ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා විශ්ව විද්‍යාල වරම් ලැබූ රන් මැණිකේ ගුණතිලක මහත්මිය 1967 දී ශ්‍රීලංකා පරිපාලන සේවයට ඇතුළත් වුවාය.


විවධ තනතුරු ගණනාවක් හෙබවූ ඇය 1977.01.10 වැනි දින සිට 1979.08.07 වැනි දින දක්වා කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ සහකාර ආණ්ඩුවේ ඒජන්ත (සහකාර දිසාපති) ලෙස කටයුතු කළා ය.


ඉන් අනතුරුව 1979.08.08 වැනි දින සිට 1991.05.16 වැනි දින දක්වා කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ අතිරේක ආණ්ඩුවේ ඒජන්ත හෙවත් අතිරේක දිසාපති ලෙස කටයුතු කරමින් සිටි රන් මැණිකේ ගුණතිලක මහත්මිය එල්.යූ.සී කුරුප්පු දිසාපතිතුමා විශ්‍රාම යෑමෙන් අනතුරුව 1991.05.17 වැනි දින කෑගල්ල පරිපාලන දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත (මහ දිසාපති) ලෙස වැඩ බාර ගත්තාය.


1992.12.31 දක්වා ඇය එම ධුරයේ කටයුතු කළ අතර 1993.01.01 සිට 1995.09.30 වැනි දින දක්වා කෑගල්ල පරිපාලන දිස්ති‍්‍රක්කයේ දිස්ත‍්‍රික් ලේකම් ලෙස ඇය කටයුතු කළාය.


අභිමානවත් කෑගලු දියණියක් වූ රන් මැණිකේ ගුණතිලක මහත්මියට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.