කෑගල්ල දිස්ත්‍රික්කයේ ආබාධිත සහිත වූවන්ගේ ස්වශක්ති බලමණ්ඩලයේ විශේෂ රැස්වීමක් අද (01) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
2022 ජාත්‍යන්තර ආබාධිත දිනයට සමගාමීව සිදු කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් කෙරුණි. ඒ අනුව දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර අංශය හා ඒකාබද්ධව පැවැත්වීමට නියමිත ව්‍යවසායක අලෙවි පොළ හා ප්‍රදර්ශනය පිළිබඳ මෙහි දී වැඩි අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම ආබාධිත සහිත ව්‍යවසායකයින් සඳහා වන ණය වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකාච්ඡාට ගැනිනි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශණී, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර, සංවර්ධන නිලධාරී (සමාජ සේවා) හර්ෂණී යටවර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ස්වශක්ති බලමණ්ඩලවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.





















