2002 වර්ෂයේ ආරම්භ කෙරුණු සෑම ඉඩමක් සඳහාම නිරවුල් ඔප්පුවක් ලබා දීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දියත් කළ "බිම් සවිය" වැඩසටහනෙහි කෑගල්ල දිස්ත්‍රික් ක්‍රියාකාරිත්වය පිළිබඳ සාකච්ඡාවක් අද (04) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.


කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශීය කොට්ඨාසය තුල මේ වන විට සිදු වන මෙම ව්‍යාපෘතියෙහි ගලිගමුව ප්‍රාදේශීය සභාව හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් මැනීමේ දී පවතින ගැටලු හා සක්‍රීයව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ ආයත තුනෙහි මනා සම්බන්ධීකරණයක් තවදුරටත් ඇති කිරිම මෙම හමුවෙහි මූලික අරමුණු අතර විය.
විශේෂයෙන්ම සමස්ත දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි, බිම් සවිය ව්‍යාපෘති තුලින් පළමු නියමු වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරිම සඳහා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ අවධානය යොමු කිරීමෙහි අවශ්‍යතාවය මෙහි දී විමසා බැලිණි.


මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් අමාත්‍යංශය මඟින් වාර්ෂිකව රුපියල් මිලියන 500ක් වෙන් කරන අතර දැනට දීප ව්‍යාප්තව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 67 ක් තුල ක්‍රියාත්මකයි. ඉඩම් හිමිකම් නිරවුල් කිරිමේ දෙපාර්තමේන්තුව, මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව මෙම ව්‍යාපෘතිය සිදු කෙරේ.


මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය සභා සභාපති සමන් ජයසිංහ, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, ඉඩම් හිමිකම් නිරවුල් කිරිම කිරිමේ කොමසාරිස් පී.සී.ඩී සිගේරා ,ගලිගමුව ප්‍රාදේශීය ලේකම් එච් එම් සුසන්ත හේරත්, ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව කිරීමේ දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් කේ.එම්.එම්.එච් අමුවත්ත, දිස්ත්‍රික් ඉඩම් හිමිකම් රෙජිස්ට්‍රාර් එන්.ඒ.ඩී.ටී බන්ඩාර යන මහත්ම මහත්මීන් , ඊට සම්බන්ධ ආයතනවල නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.