කෑගල්ල දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායන් ආරම්භ කිරීමට අපේක්ෂිත පිරිස් සඳහා නව මානයක් ඔස්සේ ව්‍යාපාරික අවස්ථාවන් හඳුන්වා දීමේ වැඩසටහනක් අද (08) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
විශේෂයෙන් පවතින ආර්ථික තතත්වය යටතේ නිවැරදි ව්‍යවසායක අවස්ථාවන් හඳුනගැනීම, පවතින වෙළඳපල අවස්ථා, දැනුම ලබා ගැනීම, පුහුණු හා වැඩමුළු ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර නව ව්‍යවසායකයින් නිවැරදි මාවතකට යොමු කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
කෑගල්ල දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, කුඩා ව්‍යාපාර අංශයේ සහකාර අධ්යක්ෂ එල්.එච්.පී මනෝජා යන මහත්මීන් ඇතුළු සම්පත්දායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ පුහුණුලාභීන් රැසක් සහභාගී වූහ.





















