"කලා විභාෂි" දිස්ත්‍රික් සාහිත්‍ය උත්සවය පැවැත්වීම හා "කෑගලු වංශය" ග්‍රන්ථය මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සහ කොවිඩ් වසංගතගය හා පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතිවූ මානසික පීඩනය අවම කිරිමේ අරමුණ ඇතිව කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද ‘සුභාවිත ගී වියමන’ ස්වර දැහැන හා සත්සර මුසුව ප්‍රවීණ ගායකයින් රැසකගේ සහභාගීත්වයෙන් ඊයේ (08) පස්වරුවේ දී කෑගල්ල නගර ශාලාවේදී පැවැත්විණි.
ඒ අනුව මෙහි දී බණ්ඩාර අතාවුද, බන්දුල විජේවීර, නිමල් ගුණසේකර, ලලිත් පොන්නම්පෙරුම, දයාරත්න පෙරේරා යන ප්‍රවීණ ගායකයින් විසින් ගීත ගායනා කරනු ලැබූ අතර මෙහි සංගීතය සපයනු ලැබුයේ රාජ්‍ය සංගීත කණ්ඩායම විසිනි.
සුභාවිත ගී වියමන සඳහා අනුග්‍රහය සැපයූයේ බෝගල ග්‍රැෆයිට් ආයතනය, බෝ රුක පවර් ආයතනය, වෙන්ඩොල් ලංකා ආයතනය සහ වෛද්‍ය සෙනරත් මහතා විසිනි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, දිස්ත්‍රික් ප්‍රධාන ගණකාධිකාරී චාන්දනී නිල්මල්ගොඩ, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් මොහාන් විජේරත්න, දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී පද්මිණි වික්‍රමලතා යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූහ.


































