ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ රැකියා පුරප්පාඩු සඳහා ආධුනිනයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් අද පෙරවරුවේදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් / දිසාපති මහින්ද එස් වීරසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැකියා කේන්දය හා ශ්‍රි ලංකා ගුවන් හමුදාව එක්ව මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
ශ්‍රි ලංකා ගුවන් හමුදාවට නිත්‍ය ගුවන් බටයින් , කැඩෙට් නිලධාරීන් , ගුවන් කාන්තා තනතුරු සඳහා වයස අවු 18-30 අතර විවාහක /අවිවාහක ස්ත්‍රි පුරුෂ දෙපාර්ෂයම මේ බදවා ගැනීම් සම්මුඛ පරීක්ෂණය සදහා ඉදිරිපත් විය.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මිය , ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පියාසර නිලධාරී අසිත ගුනවර්ධන මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් , දිස්ත්‍රික් රැකියා කේන්ද්‍රයේ සම්බන්ධිකරණ නිලධාරී රංජිත් මුගුණුවෙල මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය , තරුණ තරුණියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .






















