පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ සංකල්පයකට අනුව හියුමෙඩිකා සංවිධානයේ මූල්‍ය අනුග්‍රහයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි දිස්ත්‍රික් 18 ක ආර්ථීක දුෂ්කරතා සහිත පවුල්වල දරුවන්ට අධ්‍යාපන හා මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වියළි ආහාර සළාක ලබා දීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.
ඊට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 250ක් සඳහා එම වියළි ආහාර ලබා දීම අද (16) දින ආරම්භ කෙරිණි. ඒ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසටත් අයත් පවුල් 23ක් සඳහා එම ආහාර ද්‍රව්‍ය බෙදා දීම දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය .
හාල්, පරිප්පු ,පාන් පිටි ඇතුළු වියලි ආහාර අඩංගු මෙම සහනාධාර ලබාදීම සඳහා අදාල පවුලේ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගෙන තිබිණි .
මෙම භාණ්ඩ බෙදා දීමේ අවස්ථාවට සමගාමීව "ජීවිතයට අත්වැලක්" සහන සංචිතය සංකේතාත්මකව ආරම්භ කිරීමද අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් මහත්මියගේ සුරතින් සිදුවිය .ඒ අනුව එම සහන සංචිත සඳහා ඕනෑම නිලධාරියකුට ද්‍රව්‍ය ආධාර ලබාදිය හැකි අතර එම ආධාර දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල දරුවන්ගේ අභිවෘද්ධිය පිණිස ලබා ලබා දීමට ඉදිරියේදී කටයුතු කෙරේ .
මෙම වැඩසටහන දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන ප්‍රවර්ධන නිළධාරිනි රූපා කීරගල මහත්මිය විසින් සංවිධානය කර තිබිණි.
එම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන් ,හියුමෙඩිකා සංවිධානයේ අධ්‍යක්ෂ ජානක තොටවත්ත මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ප්‍රතිලාභීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


























