කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක විවිධ ආර්ථික වර්ධන වැඩසටහන් රැසකට දායක්වය සපයන කොරියානූ සෙමාවුල් පදනමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ සහ සෙමාවුල් ගෝලීයකරණ සංසදයේ සභාපති ආචාර්ය Lee Seung Jong මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ වන විට සෙමාවුල් පදනමේ අනුග්‍රහය ඇතිව කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන විවිධ වැඩසටහන් රැසක ප්‍රගතිය ,ක්‍රියාකාරීත්වය සහ සමාජ ප්රතිලාභ පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර සෙමාවුල් පදනම විසින් දිස්ත්‍රික්කය වෙත සිදු කරන සේවය ඇගයීම හා සෙමාවුල් ගෝලීයකරණ සංසදයේ සභාපති ආචාර්ය Lee Seung Jong මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිහිවීම පිණිස ඒ මහතාට සහ නියොජිත පිරිසට විශේෂ සමරු තිලිණ පිරිනැමීම ද කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා විසින් මෙහිදී සිදු කෙරිණි.
ඉන් අනතුරුව සෙමාවුල් ගෝලීයකරණ සංසදයේ සභාපති ආචාර්ය Lee Seung Jong ඇතුළු නියෝජික පිරිස දිස්ත්‍රික්කයේ සෙමාවුල් වැඩසටහන් ක්‍රියාත්මක වන ගම්මාන වෙත ක්ෂේත්‍ර චාරිකාවක ද නියැලිණි.
මේ අවස්ථාව සඳහා සෙමාවුල් පදමේ ශ්‍රි ලංකා අධ්‍යක්ෂක Choi Sung Woo , ශ්‍රී ලංකා සම්බන්ධිකාරක විරාජ් සම්පත්, සබරගමු පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ක්‍රම සම්පාදන) පරාක්‍රම පියසේන, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂක ධනංජනී බණ්ඩාර, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, රඹුක්කන ප්‍රාදේශීය ලේකම් ඉන්දික ලියනගේ, යන මහත්ම මහත්මීන් ඇතුළු පළාත් හා දිස්ත්‍රික් නියොජ්‍ය සැලසුම් අධ්යක්ෂවරු පිරිසක් සහභාගී වූහ.































