රටක සංවර්ධනය සඳහා ඩිජිටල් පරිවර්තනයක අවශ්‍යතාව සලකා බැලීමෙන් අනතුරුව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් හා සමගාමීම කෑගල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන් ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීම සඳහා අවශ්‍යතා හඳුනා ගැනීම, ප්‍රමුඛත්වය ලබා දීම , සහය දීම සහ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියොජිත ආයතනය විසින් සිදු කළ මූලික සාකච්ඡාවක් අද (18) දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පවැත්විණි.
විශේෂයෙන් මහජන සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීම සහ ගුණාත්මක රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම සඳහා ඩිජිටල් පර්වර්තනය සිදු කිරීමට අපේක්ෂා කරන එවැනි පරිවර්තනයක් සඳහා දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන වල පවතින තතත්වය පිළිබඳ විමසීමක් ද මෙහිදී සිදු කෙරිණි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු මනෝජ් හේමරත්න, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ සන්නිවේදන විශේෂඥ ටී.ඒම්.ජී චන්ද්‍රසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්, අධ්‍යාපන අංශය නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.




























