කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි බෝග වගාවන් සඳහා හානි පමුණුවන වන සත්ව හානි අවම කර ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙක් සකස් කර ගැනීම සඳහා විවිධ පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කතක හේරත් මහතා සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනී රාජිකා වික්‍රමසිහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෘෂි බෝග සඳහා බරපතළම හානිය සිදු කරන්නේ රිලවුන් විසින් බව කෑගල්ල දිස්ත්‍රික් දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා විසින් මෙහිදී සඳහන් කළ අතර සියළු අංශ ඒකාබද්ධව මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා ගැනීම කෙරේ අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.
මෙහිදී විශේෂයෙන් රිලවුන්ගෙන් සිදුවන වගා හානිය පිළිබඳ ඉහළ අවධානයක් යොමු වූ අතර රිලා ගහණය මර්දනය කිරීම සඳහා කෙටි කාලීන මෙන්ම දිගු කාලීන පිළියම් රැසක් විවිධ පාර්ශවයවන් විසින් යොජනා කරනු ලැබීය. මෙම හමුවේ දි ජෛව විවිධත්වය ආරක්ෂා කරමින් රිලා ගහනය මර්දනය මෙන්ම පාලනය කිරිම , ගිනි අවි භාවිතා කරමින් සත්ව මර්දනය සඳහා බලතල සහිත වගකිව යුතු කණ්ඩායම් යෙදවිමට ඇති හැකියාව ඇතුලු යෝජනා රැසක් පිළිබඳ මෙහි දී අදහස් පල විය. ඒ අනුව තවත් මසකින් පමණ අද දින සාකච්ඡා කළ කරුණු පිළිබඳ ප්‍රගතිය විමසා බැලීම සඳහා එක් රැස් වීමට ද තිරණය විය.
මේ අවස්ථාවට මහා සංඝ රත්නය, දිස්ත්‍රික් දේශපාල අධිකාරිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකොන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ තුෂාල් විතානගේ, වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එස්.වේරගම, සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි කර්ම පිඨයේ ආචාර්ය ජී.ඊ.එම් විමලසිරි යන මහත්ම මහත්මීන්, විවිධ රාජ්‍ය ආයතන නිලධාරීන්, ගොවි සංගම්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.

























