රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් රාජ්‍ය නිලධාරින් සඳහා වන පැය 150 දෙමළ භාෂා සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව නිමාවට පත් කළ දිස්ත්‍රක් ලේකම් කාර්යාලිය නිලධාරීන්ට එම සහතික ප්‍රදානය ඊයේ ( 21) වන දින දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර නිලධාරීනී ඉන්දිකා කුමාරි මහත්මිය විසින් සංවිධානයෙන් හා සම්බන්ධීකරණයෙන් දායක වූ මෙම වැඩසටහනේදි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් 100 කට වඩා වැඩි පිරිසක් සහතික ලබා ගත් අතර වැඩසටහන දමිළ විචිත්‍රාංගවලින් ද සමන්විත විය.


මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනිෂා එස් රත්නායක යන මහත්මින් ඇතුලු මාණ්ඩලික නිලධාරීන් පිරිසක් එක්ව සිටිය හ.