කෑගල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල රැස්වීම කෑගල්ල දිසාපති/දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පස්වරුවේ දී පැවැත්විණි.

ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිසු නිපුණතා ඇගයීම පැවැත්වීම, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ තීරණ පිළිබඳ දැනුවත් කිරීම, ශ්‍රේණි විභාගය පැවැත්වීම, 2023 වර්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ යෝජනා ලබා ගැනීම ආදී කරුණු මෙවර ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීමේ දී අවධානයට යොමු කෙරිණි.
මේ අවස්ථාව සඳහා පහත බුලත්ගම කෝරළ තුන ඇතුළු සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති, වෑවලදෙණිය සිරි මහින්දෝදය පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය හෙම්මාතගම සිද්ධාර්ථ නා හිමිපාණන් වහන්සේ, සතර කෝරළ මහ දිසාවේ උප ප්‍රධාන සංඝනායක, විශ්‍රාමලත් විදුහල්පති, දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පින්නවල ශ්‍රී සුදර්ශනාරාම අධිපති පූජ්‍ය දුනුකේවල සීලවිමල නාහිමිපාණන් වහන්සේ ඇතුළු ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල ගරු සභාපති ස්වාමීන්වහන්සේලා සහ ලේඛකාධිවරු ස්වාමීන් වහන්සේලා ඇතුළු කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශණී යන මහත්මීන් ඇතුළු දිස්ත්‍රික්කයේ බෞද්ධ කටයුතු සමායෝක නිලධාරීන් සහභාගී වූහ.