කෑගල්ල දිසාපති/ දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ මැදිහත් වීමෙන් ප්‍රතිසංස්කරණය කරන ලද කෑගල්ල දිස්ත්‍රික් රජයේ සංචාරක බංගලාවෙහි සෙත් පිරිත් සජ්ඣායනයක් අද (29) පෙරවරුවේ දී මහා සංඝරත්නය වැඩම වීමෙන් පැවැත්විණි .

දිසාපතිතුමන්ගේ විශේෂ අවධානය මත ගරාවැටී තිබූ නිල නිවාස දෙකක් ඒකාබද්ධ කරමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ මීට කලකට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කල මෙම ගොඩනැගිල්ල ඉතා මනරම් පරිසරයක පිහිටි ඇති අතර සංචාරක නිවහනක් ලෙසින් මින් ඉදිරියට රාජ්‍ය නිලධාරීන්ගේ නවාතැන් අවශ්‍යතා සපුරා ගැනීම සදහා පහසුකම් සපයනු ඇත.


එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනේෂ් එස්. රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා එල්. ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.