කෑගල්ල දිස්ත්‍රික්කයේ සෙමාවුල් පදනම මගින් බල ගැන්වෙන ග්‍රාමීය ආර්ථික තත්වය නගා සිටුවීම වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්හි මෙම වසරේ ප්‍රගතිය සහ එළඹෙන නව වසරේදී සිදු කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතීන්හි ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් අද (29) දිසාපති /දිස්ත්‍රික් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල කාමරයේ දී පැවැත්විණි .

සබරගමු පළාත් ප්‍රධාන ලේකම් ධුරයට පත්වීම වෙනුවෙන් දිසාපතිතුමන්ට සුභ පැතුම් ද එකතු කරමින් මෙම අවස්ථාවට සෙමාවුල් පදනමේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ චෝයි සන් වූ මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකු එක්ව සිටියහ .