ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ අංශයේ විශ්‍රාම වැටුප් ක්‍රමය දායකත්වය ලැබූවන්ට චෙක්පත් හා විශ්‍රාම වැටුප් පොත් පිරිනැමීම කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියන් දෙපළගේ ප්‍රධානත්වයෙන් අද (02) සිදුකෙරිණි.
ඒ අනුව 2021 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ A සාමාර්ථ නමයක් ලබා විශිෂ්ඨ ලෙස සමත් රඹුක්කන සුජාතා කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මලීෂා රශ්මි නවෝද්‍යා ශිෂ්‍යාවට කාන්තා , රුපියල් ලක්ෂයක චෙක්පතක් පිරිනැමීම කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය විසින් සිදු කළ අතර අරණායක ඒ. හේමචන්ද්‍ර මහතා වෙන විශ්‍රාම වැටුප් පොතක් පිරිනැමීම අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිනීෂා එස්.රත්නායක මහත්මිය විසින් සිදුකළාය.
මේ අවස්ථාව සඳහා සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්. ප්‍රියදර්ශණී, ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී (සමාජ ආරක්ෂණ) වයි.එච්.එම්.එස්.හේරත් යන මහත්මීන් ද සහභාගී වූහ.



















