දෙමළ හින්දු බැතිමතුන්ගේ අස්වනු මංගල්‍යය හෙවත් තෛපොංගල් උත්සවය සැමරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උත්සවශ්‍රීයෙන් අද (17) පෙරවරුවේ දී පැවැත්විණි. වැඩි අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ට ස්තුති කිරීම වෙනුවෙන් තෛපොංගල් මගල්‍යය සැමරෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ අද පැවැති උත්සවය විවිධ සංස්කෘතිංක අංග රැසකින් සමන්විත විය.
ඒ අනුව පොංගල් බත ඉවීම හා හිරු දෙවියන් නමස්කාර කිරීම, කෝලම් රටා ඇඳීම, විවිධ සංස්කෘතික නර්තන ආදී විවිධාංග රැසකින් සමන්විත වූ මෙවර තෛපොංගල් මංගල්‍යයේ නර්තන දායකත්වය අඹේපුස්ස ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ දහම් පාසල් සිසුවියන්, ශාන්ත මරියා දමිළ විදුහලේ සිසු සිසුවියන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරිනීන් මෙන්ම දිස්ත්‍රික් වැඩිහිටි බල මණ්ඩලය නියෝජනය කරමින් සිදු කෙරිණි.. එමෙන්ම මෙවර දේව පූජාව පැවැත්වූයේ අඹේපුස්ස ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලේ කුරුක්කාල්තුමන් විසිනි.
මෙම අවස්ථාවට සමඟාමීව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ශ්‍රී භද්‍රකාලී අම්මාන් කෝවිලට සංගීත භාණ්ඩ ප්‍රදානයක් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියන් විසින් සිදු කෙරිණි. එමෙන්ම කෝලම් රටා ඇඳීමේ තරඟයක් ද සංවිධානය කර තිබුණු අතර එහි ජයග්රාහකයින්ට ත්‍යාග ලබා දීමට ද කටයුතු කෙරිණි.
දිස්ත්‍රික් තෛපොංගල් දින සැමරුම සංවිධානය කරන ලද්දේ දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි පද්මිනී වික්‍රමලතා මහත්මිය ඇතුලු දිස්ත්‍රික් සංස්කෘතික අංශය හා දිස්ත්‍රික් වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරිනී ඩිලානි කුමාරි මහත්මිය විසිනි.මෙම වැඩසටහන සඳහා අනුග්‍රහය සංස්කෘතික අමාත්‍යංශය මෙන්ම ශ්‍රි නදීකා ජුවලර්ස්, ශ්‍රී ලතා ජුවලර්ස්, මිලේකා ජුවලර්ස් , ආර්ති ශ්‍රී ජුවලර්ස් මෙන්ම වරකාපොල දමිල සමාජ සංවර්ධන සමාජය මෙන්ම ශ්‍රි කදිරේෂන් කෝවිල ලබා දී තිබුණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක , සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන් ඇතුලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් , ශාන්ත මරියා විදුහලේ විදුහල්පතිතුමන්, අනුග්‍රාහක භවතුන් , පාසල් සිසු සිසුවියන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.





































