දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධක සංගමය මඟින් පවත්වාගෙන යනු ලබන “දිදුල” පෙර පාසලෙහි දුවා දරුවන්ගේ නිර්මාණ ඇතුලත් අත්කම් ප්‍රදර්ශනයක් අද (23) පෙරවරුවේ දී එම පෙරපාසලේ දී පැවැත්විණි.

ප්‍රථම වරට පවත්වනු ලැබූ මෙම නිර්මාණ ප්‍රදර්ශනයේ දි ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් පෙර පාසලේ දරුවන් විසින්ම නිර්මාණ ඉදිරිපත් කර තිබූ අතර ඔවුනගේ නිර්මාණශීලි හැකියාවන් මනාව දැක බලා ගැනීමට මෙහි දි අවස්ථාව සලසා තිබුණි.

දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරී භද්‍රා අබේවික්‍රම මහත්මිය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

සමාරම්භක අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල් ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුලු මාණ්ඩලික නිලධාරීන්, දිදුල පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය, එම දරුවන් හා දෙමාපියන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.