2023 යල කන්නය සදහා කෑගල්ල දිස්ත්‍රික්කයේ වගා ඉලක්ක ලබා ගැනීමේ දිස්ත්‍රික් පොහොර සම්බන්ධීකරණ කමිටුව අද (24) පෙරවරුවේ දි වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී රැස්විය.
මෙහි දී මහ කන්නයේ පොහොර බෙදා දිම සම්න්ධ ප්‍රගතිය විමසා බැලුනු අතර දිස්ත්‍රික්කයේ වි වගාව සදහා අවශ්‍ය සමස්ත පොහොර අවශ්‍යතාවයෙන් 92% ක් සපුරා ඇති බව ප්‍රකාශ විය. ඒ අනුව තෝරා ගත් සමාගම් පහක් හරහා කොම්පෝසට් පොහොර මෙටිට්රික්ටොන් 1600 ක් ගොවි ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇත. තව ද පසුගිය කන්නය සඳහා යූරියා මෙට්ට්‍රික්ටොන් 402ක් ලබා දීමට ද කටයුතු කර ඇත.
දිස්ත්‍රික්කයේ ගොවීන් පහලොස් දහසකට ආසන්න පිරිසකට පළමු අදියර යටතේ හෙක්ටයාරයකට රු.10,000 පොහොර සහනාධාරයක් ලබා දී ඇති බවත් දෙවන හා තෙවන අදිරයන් ඔස්සේ තවදුරටත් එම සහනාධාර ලබා දිමට කටයුතු කරන බවත් ප්‍රකාශ විය.එසේම චීන ආධාර යටතේ මහ කන්නයේ වී වගාව සඳහා හෙක්ටයාරයකට ඩීසල් ලීටර් විස්සක් ලබා දීම සඳහා ගොවින්ට ටෝකන් පත් ලබා දිමටත් ඉදිරියේ දි කටයුතු කෙරේ. පුරන් කුඹුරු 539ක් දිස්ත්‍රික්කයේ නැවත වගා කිරිම සඳහා තෝරා ගෙන ඇති අතර වර්ෂාපෝෂිත මෙන්ම විශේෂයෙන්ම සුළු වාරිමාර්ග ඔස්සේ වගා කටයුතු ප්‍රචලිත කිරිමට අවශ්‍ය හැකියාව විමසා බැලිණි.
එපමණක් නොව මෙම හමුවේ දි බඩ ඉරිගු සඳහා පොහොර බෙදා දිම කඩිනම් කිරිම පිළිබඳවත් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩුවෙන් තේ, රබර්, පොල් මෙන්ම අපනයන බෝග සඳහා අවශ්‍ය පොහොර ලබා දීමේ අවස්ථාවන් පිළිබඳවත් අදහස් හුවමාරු විය.
මෙම කමිටුව සඳහා එක් වූ ගොවි සංගම් නියෝජිතයින් විසින් වගා කළ කන්නවලදි ඇති වූ අඩුපාඩු ඉදිරියේ දී ඇති නොවිමට ඔවුනගේ අදහස් ඉදිරිපත් කළ අතර ඒ ඒ ආයතන තවදුරටත් මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තය තවදුරටත් නඟා සිටුවිමට කටයුතු කිරිමේ හැකියාව සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන) දිනිෂා එස් රත්නායක, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, ගොවිජන සහකාර කොමසාරිස් ජේ.කේ ජයනන්ද, ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්යක්ෂවරුන් වන සරත් සුමනදාස, කේ.පී.ආර් පද්මනිල් යන මහත්ම මහත්මින් ඇතුලු කෘෂි ක්ෂත්‍රයට අදාල නිලධාරීන්, ගොව් සංගම් නියෝජිතයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.























