සමාජ සේවා අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද (25) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2023 වසරේ සමාජ සේවා අංශය සම්බන්ධව ඉදිරි සැළසුම් සහ පසුගිය වසරේ ප්‍රගතිය සාකච්ඡා කිරීම මෙහිදී සිදු කළ අතර කෑගල්ල දිස්ත්‍රික් ස්වශක්ති සංවිධානයේ රැස්වීමක් ද මේ සමඟ පැවැත්විණි. ස්වශක්ති සංවිධානයේ මුදල් කටයුතු සහ වාර්ෂික ඉදිරි සැලසුම් මෙහි දී සාකච්ඡාවට ගැණිනි.
මේ අවස්ථාව සඳහා වැඩ බලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය සහ දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සමාජ සේවා නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ ස්වශක්ති සංවිධානයේ සාමාජික පිරිසක් ද සහභාගී වූහ.