කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශට අනුයුක්තව සේවය කරනු ලබන විදේශ රැකියා සංවර්ධන නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමේ අරමුණින් සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ අනුග්‍රහයෙන් දෙදින පුහුණු වැඩසටහනක් 24 හා 25 යන දිනයන්හිදී කෑගල්ල හේශානි හොටලයේදී සාර්ථකව පැවත්විණි .
පුහුණු වැඩමුළුවේ අවසන් දිනය වූ අද දින ඒ සදහා සහභාගී වූ නිලධාරීන්ට සහතික පත්‍ර ලබා දීම වැඩබලන දිස්ත්‍රික් ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි .
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකාරක හරේන්ද්‍ර උඩුමුල්ල මහතා විසිනි.
මෙම දෙදින වැඩමුළුව සඳහා ජේෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ඉම්දාත් හා ව්‍යාපෘති සම්බන්ධීකරණ නිලධාරිනී දුලානි සිල්වා යන මහත්ම මහත්මීන් , දිස්ත්‍රික්කයේ විදේශ රැකියා සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ .


























