රාජ්‍ය සේවය , සුහදශීලී කාර්යක්ෂම ප්‍රවේශයකින් මහජනතාව වෙත ප්‍රවිශ්ඨ කිරීම සහ දිස්ත්‍රික්කයේ මහජන අපේක්ෂාවන් දිනවීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යැයි කෑගල්ල නව දිසාපති/දිස්ත්‍රික් ලේකම් ජේ.ඒම්.ආර්.පී ජයසිංහ මහතා අද (01) පෙරවරුවේ දී සඳහන් කළේය. අභිනව දිසාපති ධූරයේ වැඩබාර ගැනීමෙන් අනතුරුව පැවති කාර්ය මණ්ඩල රැස්වීමේ දී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ප්‍රතිපත්ති මහජන හිතෛශී පිළිවෙතකින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අවධාරණය කළ නව දිසාපතිවරයා දිස්ත්‍රික්කයේ සුබ සිද්ධිය සඳහා තම සේවා කාලය තුළ ඇප කැපව ක්‍රියා කරන බව ද සඳහන් කළේය.
 
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) දිනීෂා එස් රත්නායක යන මහත්මීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ලයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ.