අපවත්වී වදාළ කුඹල්දිවෙල ගල්ගනේ පුරාණ විහාරය,උතුවන ශ්‍රී බෝධිරාජාරාමය, මාහින්තැන්න සම්බෝධි විහාරය, මොළගොඩ ධර්මායතනය යන සිවු මහා විහාරාධිපති, සද්ධර්මෝදය පිරිවෙනේ කෘත්‍යාධිකාරි, විනය කීර්ති ශ්‍රී පියදස්සි සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක ශ්‍රාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය හෙට්ටිමුල්ලේ සිද්ධාර්ථ නාහිමිපාණන් වහන්සේගේ ආදාහාන පූජෝත්සවය රඹුක්කන කුඹල්දිවෙල ගල්ගනේ පුරාණ විහාර පරිශ්‍රයේ දී හෙට (23) සවස 3.00 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දිස්ත්‍රික්කයේ ශාසන හා ආගමික කටයුතු වල සංවර්ධන උදෙසා ඇප කැපව කටයුතු කළ ශ්‍රී සිද්ධාර්ථ නා හිමිපාණන් වහන්සේ අපවත් වන විට සසුන අඹර සංවිධානයේ සභාපති ලෙස සහ පොල්අඹේගොඩ පිරිවෙනේ ආචාර්ය හිමියන් වහන්සෙ නමක් ලෙස ද කටයුතු කළහ.


















