රාජ්‍ය ආයතනවල භාෂා පරිවර්තන පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 ක් සඳහා ත්‍රෛයිභාෂා ශබ්ද කෝෂ සහ පාරිභාෂිත මෘදුකාංග තැටි බෙදා දීම අද (28) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.
ඒ අනුව රඹුක්කන, මාවනැල්ල, අරණායක,වරකාපොළ ,රුවන්වැල්ල,කෑගල්ල සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙනුවෙන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම ශබ්ද කෝෂ හා මෘදුකාංග තැටි බෙදා දීම සිදුවිය.
මෙම වැඩසටහන රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ , කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිනීෂා එස් රත්නායක , දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා ප්‍රවර්ධන සහකාර ඉන්දිකා වීරවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.



















