කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් සංවිධානය කරන “ව්‍යවසාය -2023” අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය මාර්තු 31,01,02 යන දිනයන්හි දී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ඉදිරිපත් වන කෑගල්ල දිස්ත්‍රික් ව්‍යවසායකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය අද (07) වන දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ව්‍යවසායකයින් හතලිකට වඩා පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනි සිටි අතර ඔවුනගේ නිෂ්පාදන හා ඒවායෙහි ප්‍රමිතීන් පිළිබඳ මෙහිදී පරීක්ෂා කෙරිණි.

මෙම අවස්ථාවට දිස්ත්‍රික් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ප්‍රින්සි මනෝජා, මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ශාන්ත මන්තිලක, දිස්ත්‍රික් ව්‍යවසායකත්ව පුහුණු නිලධාරීනියන් වන චමන්ති පතිරණ, රශිනි අමරසේකර යන මහත්ම මහත්මීන් , ව්‍යවසායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.