කෑගල්ල දිස්ත්‍රික් සංස්කෘතික අංශය විසින් සංවිධානය කළ ගැබිණි මව්වරුන් සඳහා ආශිර්වාදාත්මක සෙත් කවි සජ්ජායනයක් සහ ගීත රසවින්දනාත්මක වැඩසටහනක් අද (09) පෙරවරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ඒ අනුව ආශිර්වාද සෙත් කවි ශාන්තිය කෑගලු කවි අනුකමිටු සාමාජික ජ්‍යෙෂඨ කිවිඳියක් වූ මංගලිකා අබේවර්ධන මහත්මිය විසින් සිදු කළ අතර ප්‍රවීණ නිවේදක, ඵදායිතා සංවර්ධන නිලධාරී සමන් බණ්ඩාර මහතා විසින් රසවින්දනාත්මක ගීත විචාර වැඩසටහන සිදු කරනු ලැබීය. මෙම රසවින්දනාත්මක ගීත විචාර වැඩසටහන වෙනුවෙන් ගීත ගායනය සිදු කරනු ලැබුයේ දිස්ත්‍රික් ලේකම් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විසින් වීම විශේෂත්වයකි.

කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගැබිණි මව්වරුන් ඇතුළු ගර්භණී මව්වරුන් පිරිසක් වෙනුවෙන් මෙම වැඩැසටහන සිදු කෙරිණි.

මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, පරිපාලන නිලධාරිනී යාමීනී රත්නායක , දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරිනි පද්මිණි වික්‍රමලතා යන මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් සංස්කෘතික අංශයේ නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ වල නිලධාරීන් සහ ගර්භණී මව්වරුන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.