ජාත්‍යන්තර කාන්තා දිනය යෙදුනු මාර්තු මස 08 වන දිනට සමඟාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී කාන්තා මූලික පවුල් 25 සඳහා ඇහැලියගොඩ කරීටාස් සෙත්මිණී ආයතනයේ අනුග්‍රහයෙන් රු.7000.00 පමණ වටිනා ආහාර මලු 25ක් ලබා දීමට කටයුතු කෙරිණි.
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 ආවරණය වන පරිදි මෙම පරිත්‍යාගයන් සිදු වන අතර සංකේතාත්මකව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත එම භාණ්ඩ ලබා දීම පසුගියදා සිදු විය.
මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ දිස්ත්‍රික් වනිතා සංවර්ධන නිලධාරීනී මනෝරි දෙහිමඩුව මහත්මිය විසිනි.


















