කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සුබසාධන සංගමයට අනුබද්ධිත දිදුල පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ දී පැවැත්විණි.
පළමු වරට පැවති මෙම විවිධ ප්‍රසංගය දිදුල පෙර පාසලේ දරු දැරියන්ගේ විවිධ සොඳුරු නැටුම් ගැයුම් වලින් වර්ණවත් වූ අතර එම දරු දැරියන් අතරින් මෙම වසරේ පෙර පාසලින් සමු ගන්නා දරුවන් සඳහා සහතිකපත් ප්‍රදානය දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ආර්.පී ජයසිංහ මහතා වෙතින් සිදු කෙරුණු අතර සහභාගීත්වය වෙනුවෙන් සියලුම සිසු සිසුවියන්ට ත්‍යාග ද පිරිනමන ලදි.
දිස්ත්‍රික් මුල් ළමා විය සංවර්ධන නිලධාරී භද්‍රා අබේවික්‍රම මහත්මිය මෙම වැඩසටහන් සංවිධානය කරන ලදි.
මේ අවස්ථාව සඳහා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන්, දිදුල පෙර පාසලේ ආචාර්ය මණ්ඩලය ,පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශය නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගී වූහ.




































