×

පණිවුඩය

Invalid Page Request

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ කෑගල්ල නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයෙන් පුහුණුව ලැබූ පුහුණුලාභීන් සඳහා සහතික පත් ප්‍රදානය අද (11) පෙරවරුවේදී දිසාපති / දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා ,පරිගණක යෙදවුම් සහයක ( NVQ Level 03), ඉංග්‍රීසි සහතික පත්‍ර ,පරිගණක යෙදවුම් සහයක හා ජනමාධ්‍ය සහතික පත්‍ර පාඨමාලා සාර්ථකව හැදෑරූ සිසු සිසුවියන් මෙහිදී සහතික පත් හිමි කර ගත්හ.

එමෙන්ම කෑගල්ල නිස්කෝ ශාඛාවේ වැඩිම පොළි ආදායමක් උපයමින් ආයතනය ආර්ථික වශයෙන් සවිබල ගැන්වූ කාර්යමණ්ඩල ඇගයීම් ද මෙම අවස්ථාවට සමගාමීව සිදු කෙරිණි.

අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත , දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ටී.ඒ.පී කුසුම්සිරි , කෑගල්ල දිස්ත්‍රික් සමුපකාර කොමසාරිස් එස්.එම්.එස්.කේ සමරකෝන් ,ජාතික තරුණ සේවා සභාවේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මල්ලිකා කාන්ති ජයසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.