සිංහල දමිල අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි සඳහා පැමිණි තම කාර්ය මණ්ඩලය අමතමින් නව වසරට සුභාෂිංශන අද (17) දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා විසින් එක් කරන ලදී.

සුභ පැතුම් එක්කරමින් දිසාපතිතුමා කියා සිටියේ අලුත් අවුරුද්දක උදාව සනිටුහන් කරමින් මේ මොහොතේ රටක් ලෙස වඩාත් නිවැරදි මාවතකට ගෙන යෑම සඳහා කාර්යක්ෂම මහජන සේවයක් ලබාදීමට සියලු දෙනා එක්ව කටයුතු කරන ලෙසත්, ඒ වෙනුවෙන් පූර්ණ සහයෝගය තම කාර්ය මණ්ඩලයට ලබාදෙන බවත් ය.

මෙම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස් රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු මාණ්ඩලික නිලධාරීන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.