ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා වන වැඩසටහනේ ප්‍රධානතම ගැටලුව වු යාවත්කාලින දත්ත පද්ධතියක් නොමැති විමට විසඳුමක් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලීය ආහාර සුරක්ෂිතතා අංශයේ මැදිහත්වීමෙන් Microsoft සමාගම, Orel (IT) සමාගම, තොරතුරු තාක්ෂණ ආයතනය, හා ලංකා විදුලි සමාගම එක්ව නිර්මාණය කර තැනූ FoofGate APP ජංගම දුරකතන යෙදවුම ගැන නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් අද (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

 

මෙම යෙදවුම වසම්වල රාජකාරී කරන ආර්ථික සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා, කෘෂි නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් විසින් භාවිතා කරමින් වසම් මට්ටමින් තොරතුරු ලබා ගැනීමට යොදා ගැනෙන අතර එහි භාවිතයේ දී ඇති විය හැකි ගැටලු පිළිබඳ මෙහිදී දැනුවත් කෙරිණි.

දිස්ත්‍රික් සැලසුම් අංශය සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ ඒ.ඒ වීරකෝන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ගාමිණී ඒකනායක යන මහත්වරුන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් (සැලසුම්), පරිගණක නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටිය හ.