සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් වෙනුවෙන් දිස්ත්‍රික් රැකියා ප්‍රවර්ධන අංශය මගින් සංවිධානය කළ කොස් නිෂ්පාදන පිළිබඳ පුහුණු කිරීමේ වැඩසටහනක් අද (03) පෙරවරුවේදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

එහිදී කොස් රොටි, කොස් පෑන් කේක්, කොස් කිරිටොෆි, කොස් වඩේ, කොස් කොත්තු ,කොස් පිට්ටු ඇතුළු කොස් ආශ්‍රිතව සකසා ගත හැකි ආහාර වර්ග 20 ක් පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන් අතර ඊට සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මානව සම්පත් නිළධාරිනි එම්.කේ.ඒ.සී ජයසේන මහත්මිය විසිනි.

එම අවස්ථාවට දිසාපති/ දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතා , මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්යාලීය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.