ආබාධ සහිත වූවන්ගේ ස්වයං රැකියා පුහුණු අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දිරිය ශක්තිය - ස්වශක්තිය දිස්ත්‍රික් බල මණ්ඩලය අද (09) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස් විය.

මෙහි දී ආබාධ සහිත වූවන් සදහා ස්වයං රැකියා පුහුණු අවශ්‍යතාවයන් පිළිබඳව දැනුවත් කිරීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ පළාත් අධ්‍යක්ෂ කීර්ති සේනානායක මහතා විසින් සිදු කරන ලදී.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් ඒ ඒ සමාජ සේවා අංශයන්හි ප්‍රගතීන් හා ඉදිරි සැලසුම් පිළිබඳ ප්‍රගතිය ද මෙහිදී විමසීමට ලක්විය.

එම අවස්ථාවට සබරගමු පළාත් සභා මූලස්ථාන සමාජ සේවා නිලධාරී එන්.ඒ ජයන්ත, දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී සරත් රණවීර යන මහත්වරුන් සහ සමාජ සේවා නිලධාරීන් , සංවර්ධන නිලධාරීන් (සමාජ සේවා), ආබාධිත ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.