කෑගල්ල දිස්ත්රික් සංස්කෘතික අංශයේ ප්රගති සමාලෝචන රැස්වීමක් අද (25) පෙරවරුවේ දී පැවැත්විණි.
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය 2023 වසරේ පළමුවන කාර්තුවේ සිදු කළ වැඩසටහන් වල ප්රගතිය සහ ඉදිරි කටයුතු මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්රික් ලේකම් රංජන් ජයසිංහ , අතිරේක දිස්ත්රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, දිස්ත්රික් සංස්කෘතික නිලධාරී පද්මිණි වික්රමලතා යන මහත්ම මහත්මීන් ඇතුළු ප්රා දේශීය ලේකම් කාර්යාලවල සංස්කෘතික අංශයන්හි නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.





















