කුළුබඩු ආශ්‍රිත එකතු කළ නිෂ්පාදන, විජලනය කරන ලද ආහාර හා පලතුරු ආශ්‍රිත නිෂ්පාදන, කිරි ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු අගය එකතු කළ නිෂ්පාදන රැසකින් සමන්විත නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ ඊයේ (26) දිසාපති /දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල නගර ශාලාවේ දී ඇරැඹිණි.

ඔරොත්තු දීමේ හැකියාව ඇති ස්ත්‍රී /පුරුෂ දෙපාර්ශ්වයම ඇතුලත් ව්‍යාපාර පද්ධතියක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ කුළුබඩු අවශ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නියැලී සිටින ව්‍යවසායකයින්ගේ අගය එකතු කළ නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම මෙම වැඩසටහනෙහි අරමුණ වේ.

ජනතා සංවර්ධන පදනම හා DevPro යන ආයතන වල මූල්‍ය අනුග්‍රහයෙන් කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ,කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාර්මික සංවර්ධන මණ්ඩලය මණ්ඩලය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.

මැයි 26 ,27 දෙදින පුරා පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා මෙම නිෂ්පාදන ප්‍රදර්ශනය හා අලෙවි පොළ ඔබ වෙනුවෙන් කෑගල්ල නගර ශාලාවේ දී විවෘතයි.

මෙම ආරම්භක අවස්ථාවට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ මංජුල පින්නලන්ද,කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂිකා ට්‍රින්සි මනෝජා, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සබරගමු පළාත් අධ්‍යක්ෂ එස්.ඒ.ජේ.සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්,අනුග්‍රාහක භවතුන්, ව්‍යවසායකයන් රැසක් එක්ව සිටියහ.