කෑගලු දිස්ත්‍රික් විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ දී කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙවර විගණන කමිටු රැස්වීමේ දී ගිණුම් කාරක සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසුවිපරම් කිරීම, පසුගිය විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වල සාකච්ඡා කළ කරුණු පසුවිපරම් කිරීම, අභ්‍යන්තර විගණන කමිටු පසුවිපරම් කිරීම, විගණකාධිපති විගණන විමසුම් පසුවිපරම් කිරීම, නව විගණකාධිපති විගණන විමසුම් සමාලෝචනය, නව චක්‍ර ලේක හා ලිපි සමාලෝචනය ආදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරිණි.
මේ අවස්ථාව සඳහා කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ගමලත්ගේ දිලිප් නිශාන්ත, කෑගල්ල ජාතික විගණන උප කාර්යාලයේ විගණන අධිකාරී එන්.පී.එම්. වික්‍රමසිංහ , කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ ලෝචන මාන්නපෙරුම, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක එස්.ඒ.එන්.ආර්. සුභසිංහ (මාර්ගගත ක්‍රමයට සම්බන්ධ විය) , දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රධාන අභ්‍යන්තර විගණක තුෂාරි ජයවර්ධන, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්යක්ෂ මංජුල පින්නලන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ කුසුම් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.




















