විවිධ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු යටතේ සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන්ගේ විවිධ විෂයයන් යටතේ "අලුත් ගමක් - අලුත් රටක්" ජාතික ඒකාබද්ධතා වැඩසටහනට ප්‍රවේශයක් ලබා දීමේ හැකියාව පිළිබඳ විමසා බැලීමේ හමුවක් දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(31) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ඒ අනුව එක් එක් අංශයන් ඒකාබද්ධ වී තම සේවා වපසරිය තුළ කාර්යක්ෂම හා වැඩි ඵලදායිතාවක් ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම හමුව සංවිධානය කර තිබුණි.
"අලුත් ගමක් -අලුත් රට" ජාතික ඒකාබද්ධ වැඩසටහන යනු මේ වන විට ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මක වැඩසටහනකි.කෘෂිකාර්මික ,කර්මාන්ත, සත්ව නිෂ්පාදන ,ධීවර සේවා හා පුද්ගලානුබද්ධ හා සමාජ සංවර්ධන අංශයන් යටතේ මෙම වැඩසටහන දියත් කෙරේ.
එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම්( ඉඩම් හා සංවර්ධන ) ගමලත්ගේ දිලීප් නිශාන්ත, දිස්ත්‍රික් සැලසුම් අධ්යක්ෂ ඒ.ඒ. වීරකෝන්, නියෝජ්‍ය සැලසුම් අධ්යක්ෂකවරියන් වන සජිනි රණසිංහ හා ඉන්දිකා සේනාරත්න යන මහත්ම මහත්මීන් හා කාර්යාලය ක්ෂේත්‍ර නිලධාරීන් එක්ව සිටියහ.



















