දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩලය එක්ව පලමු වරට සංවිධානය කල ෆ්‍රයිඩ් රයිස් දන්සල අද (03) දින කෑගල්ල දිසා පති මැදුර ඉදිරිපිට දී අති සාර්ථකව පැවැත්විණි.
තරනගල බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අස්මඩලේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන්, දිසාපති /දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මහතාගේ මූලිකත්වයෙන් දන්සලේ කටයුතු ආරම්භ විය.
අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා එස්. රත්නායක , අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන ) ගමලත්ගේ දිලීප් නිශාන්ත යන මහත්ම මහත්මීන් ඇතුළු කාර්යාලයේ නිලධාරීන් මෙන්ම විශාල ජනතාවක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



































